පරිසරය යන්න
නිර්වචනය කිරීම
පරිසරය යන්න
පුලුල් අර්ථයකින් ඇති වචනයකි.ප්‍රධාන වශයෙන් එය ජීව හා අජිව යනුවෙන් කොටස් දෙකකට
වෙන් කළ හැකිය මෙහිදී ජීව පරිසරය අයත් වස්තූන් ලෙස මනිසුන් ,සතුන් ,ගස්වැල් සහිත
ශාක පද්ධතිය ද අජීව පරිසරයට අයත් වස්තූන් ලෙස පෘථිවිය හා ඒ මත ඇති සියලුම භෞතික
වස්තූන් දැක්විය හැකිය.එපමණක් නොව කඳු ගංගා ,ජලය ,පස ,වාතය පොළෝ ගැබ
තුළ තැන්පත්ව ඇති සියලුම ඛණිජ වර්ගද සියල්ල ද අයත් වනුයේ අජීව ලෙස හඳුන් වන පරිසර
කොටසටය.
එසේම පරිසරය
යන්න විවිධ ශබ්ද කෝෂයන්හි විවිධ ලෙස නර්වචනය කර ඇති ආකාරය දක්නට ලැබෙයි ප්‍රායෝගික
සිංහල ශබ්ද කෝෂයෙහි පරිසරය යන්න පැවැත්මට වර්ධනයට හා ක්‍රියාකාරීත්වයට බලපාන්නාවූ
අභ්‍යන්තිරික හා බාහිර සාධකවල සමස්තය ලෙස නර්වචනය කරයි
.එසේම ඒ .ජී ද සොයිදා මහතා විසින් සංස්කණය කරන ලද ධර්ම සමය සිංහල ශබ්ද කෝෂයෙහි
පරිසරය යන වචනයට අර්ථ කිහිපයක් දක්කවයි. (අසළ-
vicinity හරක් ගාල - cattle shed - මරණය
- death අවට පවතින දේ
- what is in vicinity)
ශ්‍රී සෝරත
මාහිමියන් විසින් සම්පාදනය කරන ලද ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහිද ඉහත දක්වන ලද අර්ථවලට
සමාන අර්ථ දක්වා තිබෙනු දක්නට ලැබෙයි.එහිදී ද අවට පෙදෙස අවට පවත්නා දෙය පරිසරය ලෙස
නිර්වචනය කරයි. The concisa oxford dictonary ශබ්ද කෝෂයෙහි
environment ' යන්නට අර්ථ 5
ක් දක්වයි. The physical surrounding,condition circumstances in
wich a person live. 02 The area
surrounding a place. 03 External conditions as affecting plant and animal life.
04 Computing the over all structure within which a user,computer or program
operates.05 A structure designed to be experienced from inside as a work of art.
ඉහත නසඳහන් කල
නිර්වචනයන් සංක්‍ෂිප්තව සලකා බැලීමේදී පරිසරය යන්න අපට උපකාරී වන අප අවට ඇති. සියලු
භෞතික වස්තූන් අඩංගුවන බව දක්නට ලැබෙයි. එම භෞතික වස්තූන පද්ධතිය විශේෂයෙන් නිර්ණායක 2 ක් ඔස්සේ විග්‍රහ
කළ හැකි බව දක්නට ලැබෙයි.
01 ස්වාභාවික
පරිසරය
02 මිනසා විසින්
ගොඩ නඟාගත් පරිසරය
ස්වාභාවික
පරිසරය යනු ස්වාභාවික naturally හටගත්
වස්තූන් වෙති.ගල් ,වැලි,වතුර ,පස් ,දැව ආදී
ස්වාභාවික සම්පත් ඒ ගණයට අයත් වෙති.මෙම ස්වාභාවික වස්තූන් එකට කොට විවිධා කාරයෙන්
භාවිතා කොට මිනිසා විසින් කෘතිමව(artificially) ගොඩනගාග්නා
පරිසරය මෙහිලා දෙවැනි කොටසට අයත් වෙයි. මිනිසාගේ දියුණුවට මෙන්ම පරිහාණියට කරා යොමු වීම හා යොමු
කිරිම සඳහා පරිසරය වැදගත්ම සාධකය වෙයි.මිනිසා ගසට පොත්ත මෙන් පොත්තට ගස මෙන්
පරිසරය හා එකට බැඳී පවතියි. සැබවින්ම කියතොත් මිනිසාට පරිසරය මඟිනි. එපමණක් නොව
මිනිසා නිර්මණය කරගත් කෘතිම වස්තූන් හා ඇසුරු කිරීමට වඩා පරිසරයේ ඇසුර මිනිසාට
සුවදායක මෙන්ම ස්වාභාවිකද වෙයි.එසේම මෙම ස්වාභාවික පරිසරය හා සම්බන්ධ මූලික
පදාර්ථයන් රහිත කොතෙකුත් ග්‍රහලෝකයකවත් මිනිස් වාසයක් ගැන සඳහන් නොවෙයි.මන්ද ඒ
මිනිසාගේ පැවැත්මට අවශ්‍ය බාහිර සාධක එහි නොමැතිවීම හේතු කොටගෙනයි.
මෙහිලා අපගේ
අවධානයට යොමුවන තවත් වැදගත් කරුණක් ඇත. එනම් පරිසරයේ ඇති අස්ථිර ස්වරූපයක්
නොගනියි. ස්වාභාවික ක්‍රියදාමවල ප්‍රතිඵලයක් ලෙස මෙන්ම මිනිසාගේ මැදිහත් විමෙන් හා
ඔහුගේ විවිධ ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙසද පාරිසරික වෙනස්කම් සිදුවේ. නියඟයන්,කුණාටු ,සුනාමි,ගංවතුර ගැලීම්
හා නායයෑම් වැනි අවස්ථාවලදී ද පරිසරය වෙනස්වීම් වලට භාජනය වේ. එමෙන්ම කාලගුණ වෙනස්
වීම්,පෘථිවිය වෙනස්
වීම් උණුසුම් වීම් (global warming) හෝ
ස්වාභාවික පරිනාමය වැනි දිගුකාලීන ක්‍රියාදාමයන් මගින්ද අපගේ පරිසරය කාලයත් සමඟ
වෙනස් වේ. මිනිසා වසර දහස් ගණනාවක් මුළුල්ලේ තම ප්‍රයෝජනය උදෙසා නිවාස, මංමාවත්,උද්‍යාන
ගොඩනගමින් හා ස්වාභාවික ඵල වැල හා අස්වනු නෙලාගනිමින්ද පරිසරයෙන් ප්‍රායෝජන ලැබීය.
සෑම ජීවී
කොටසක්ම අන්‍යෝන්‍ය වශයෙන් ඔව්නොවුන්ගෙන් පරිසරය
සමඟ බැඳී සිටින අතර පරිසරය සියලුම
ජීවී කොටස් සමග බැඳී සිටී. මනුෂ්‍යයන්ද තම
පරිසරය ක්‍රියාකාරී ලෙස වෙනස්කම් වලට භාජනය කරති. එහෙත් ඒ අතරතුර
අවාසනාවන්ත ලෙස ,අප වැව් හා
දියපහරවල් දූෂිත තත්ත්වයට පත් කරමින් ජන පද හා කෘෂිකර්මයට ඉඩ සැලසීම සඳහා වනාන්තර
එළිපෙහෙලි කර ඇත.එමෙන්ම අපගේ සාම්ප්‍රදායික ශාක හා භෝග විශේෂයන් වෙනුවට නවීන සහ
ආගන්තුක විශේෂයන් යොදාගෙන තිබේ.
පරිසර ගැටළු
වර්තමානයේ
පරිසරය නිසා ප්‍රශ්න රාශියක් උද්ගත වී
තිබේ. ඇත්තෙන්ම නම් මේ ප්‍රශ්න පරිසරය නිසා ඇති වූ ඒවා නොවේ.මිනිසා පරිසරය ප්‍රයෝජනයට
ගන්නා ආකාරය නිසා උද්ගත වූ ඒවාය. මෙවැනි පරිසර ප්‍රශ්න ඈත අතීතයේ එතරම් බරපතල
අයුරින් තිබුණේ නැත. අද බරපතල ලෙස පරිසර ප්‍රශ්න රාශියක් උද්ගත වීමට හේතු සාධක බොහෝය.
එයින් කිහිපයකි.
01 විද්‍යාවන්ගේ
හා තාක්‍ෂණයේ දියුණුව
02 නාගරීකරනය
සීඝ්‍රයෙන් දියුණු වීම
03 කාර්මීක කරනය
04 මේ සැමට
වැඩියෙන් ,නූතන ආර්ථික
චින්තන ක්‍රමවල ඇති අඩු පාඩු
ලෝකය මැවූ
දෙවියන් වහන්සේ එහි වූ සියල්ලෙහි ආධිපත්‍යය මිනිසාට පැවරූ බව අදහාගත් තෘෂ්ණා භරිත ආත්මාර්ථකාමී
මිනිසා අවිචාරවත්ව හිතුමතයේ පරිසරය ස්වකීය උවමනාවන් සපුරා ගැනීම සඳහා යොදා ගැනීම
නිසා පරිසරිය වැනසී යාමට පටන් ගැණිනි.
විද්‍යාව හා තාක්‍ෂණික දියුණුව ලද මිනිසාට
සදාචාර ගුණ ධර්ම ආර්ථිකයෙන් ඈත් කළ යුතු යැයි දේශනා කළ ආර්ථීක ගුරුවරුන්ගේ උපදෙස්
නිසා කැමති පරිදි පරිසරය වනසා දැමීමට වරම් ලැබිණි. ඒ අනුව අදවන විට ලෝකයේ පරිසර
දූෂණය කිරීම හේතුවෙන් විශාල ලෙස ගැටළු පැන නැගී ඇත. මෙහිලා අප පළමුව පරිසර දූෂණය
යන්න නිර්වචනය කරගත යුතු වේ.“යම් කිසි පරිසර පද්ධතියකට ගලා එන විෂ සහිත
ද්‍රව්‍ය හේතුවෙන් ඒ තුළ ජීවත් වන ජීවීන්ට හෝ භෞතික දේවලට අස්ථායිබව,අපිළිවෙල
පීඩාව ,අපහසු බව ඇති
කරයි නම් එය පරිසර දූෂණය ලෙස හඳුන්වා දිය හැකිය. පරිසර දූෂනය රසායණික ද්‍රව්‍ය හෝ
ශබ්දය ,තාපය ,ආලෝකය යන
ශක්ති ප්‍රභේද පරිසරයට එක් වීමෙන්ද සිදු විය හැකිය.ස්වාභාවිකව ඇතිවිය හැකි එවන්
දුෂණ කාරක වලින් සිදුවන විෂහෝ වෙනත් බාධකවල ස්වාභාවික මට්ටම යම් කිසි මට්ටමකට වඩා
වැඩි වුවහොත් පමණක් ඒවා දූෂක ලෙස පිළි ගැනේ. point source and non
point source pollution ලෙස කොටස් දෙකකට එය
ඛාණ්ඩ කළ හැකිය. තවත් විදියකට පද්ධතියක් තුළ අස්ථායි බව ඇති කරන හෝ ජීවීන්ගේ හෝ
ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලීන්ගේ බිඳවැටීම් වලට හේතුවන යම් කිසි ද්‍රව්‍යක් එම
පරිසරයට හඳුන්වා දීම දුෂණය ලෙස හඳින් විය හැකිය. ජලය වැනි පොදු සාමාන්‍යයෙන් සෞඛ්‍ය
සම්පන්න ද්‍රව්‍යක් වුවත් අවශ ප්‍රමාණයට වඩා වැඩියෙන් ලබා ගත් විට දුෂණ කාරකයක්
විය හැක.උදාහරණයක් ලෙස මිනිසෙකු ඉතා වැඩි ප්‍රමාණයක් ජලය පානය කළ හොත් කායික
පද්ධති පීඩාවට ලක්වී ඒවායේ බිඳ වැටීම් හේතුවෙන් මරණය ළඟා කර වීමට එය හේතු විය
හැකිය.සියදිවි නසා ගැනීමට තැත් කිරීමට සහ ඒවා සාර්ථක කර ගැනීමටද හේතුකාරක වන ලෙස
ජලය භාවිතා කළ අවස්ථා ඇත.
එසේම මෙහිලා
වායු දුෂණය ද පරිසර ගැටළු ඇතිවීමෙහිලා ප්‍රධාන අංගයකි. වායු දුෂණය සඳහා හේතුවන
වඩාත් ප්‍රමුඛතම සාධක අතුරින් එකක් ලෙස මෝටර් වාහාන වලින් නිකුත් වන දුම හැඳින්
විය හැකිය. චීනය ,ඇමරිකාව ,රුසියාව ,මෙක්සිකෝව සහ ජපානය
යනු මෙලෙස වායු දූෂණය සිදු කරන ප්‍රධාන රටවල් කිහිපයකි. මෙලෙස කරන ලද වර්ගී කරනයට
අනුව කැනඩාව මේ වර්ගීකරනයේ දෙවැනි ස්ථානය ගනීයි ප්‍රධානතම නිශ්චල වායුදූෂක ප්‍රභවයන්
වනූයේ රසායනික කම්හල් ,ගල් අඟුරු
මගින් ක්‍රියාත්මක වන ගල් අඟුරු බාලාගාර, ශක්ති
පිරියත වල්තෙල් පිරිපහදු කම්හල්,තෙල් හා රසායනික පිළියෙතවල් න්‍යෂ්ඨික අපද්‍රව්‍ය
බැහැර කිරීමේ ක්‍රියාකාරකම් ,අපද්‍රව්‍ය දහනය කිරීම් ,විශාල ප්‍රමාණයේ
සත්ත්ව ගොවිපලවල් , " p.v.c කර්මාන්ත
ශාලා,ලෝහ නිෂ්පාදන
රසායනාගාර ,ප්ලාස්ටික්
කර්මාන්ත ශාලා සහ වෙනත් කර්මාන්ත ශාලාවන්ය මෙලෙස
වායු දූෂණය කිරීම මගින් සමාජයේ ජීවත් වන ජීව - අජීව දෙකොටසටම අයත් ජීවීන්
විවිධ රෝගාබාදයන්ට ගොදුරු වේ. එවිට ජීවීන්ගේ ආයු කාලයද පහත බසී එය විශාල පරිසර
ගැටළුවක් බවට පත්ව ඇත.
පස දූෂණය
කිරීමද විශාල පාරිසරික ගැටළුවක් බවට පත් වෙමින් පවතී පස දූෂණය කරන වඩාත් සුලභ ක්‍රම
දුෂකයන් වනුයේ ක්ලෝරිනි කරනය කරන ලද හයිඩ්‍රෝකාබන් වර්ග (CFH ) බරලෝහ
(ක්රෝමියන් ,කැට්මියම් -
නැවත ආරෝපණය කළ හැකි බැටරිවල අන්තර්ගත වේ,ඊයම් - තීන්ත ද්‍රව්‍ය වල අන්තර්ගත වේ. ඇතැම්
රටවල ගුවන් යානාවල භාවිතා කරන (ගැසූලීන් වායුව) MTBE සින්ක් ,ආසනික් සහ බෙන්සීන්ය.
සාමාන්‍ය පරිදි නගර සභා වලින් අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය යොදා භූමි ප්‍රදේශයන්
ගොඩ කිරීම හේතුවෙන් බොහෝ රසායනික ද්‍රව්‍ය පසට එක්වේ. මීට අමතරව බහු ක්ලෝරනී කරණය
කරන ලද ඩයිබෙන්සෝඩයෝක්සීන් වර්ගද මෙලෙස පරිසරයට මුදා හරිනු ලැබේ මේවා පොදුවේ ඩයොක්සීන් ලෙසද සරළව ICDD ලෙසද හැදින්වේ.
මෙලෙස මිනසා
විසින් කරනු ලබන අයපත් ක්‍රියාකරකම් වලින් ප්‍රතිඵලයන් ලෙසට පරිසරිය දූෂණය වී
පරිසර ගැටළු ඇතිවන අතර ස්වාභාවිකව ඇතිවන ඇතැම් විපත්ති නිසාද පරිසර දූෂණය
සිදුවේ.එමගින්ද පරිසර ගැටළු ඇතිවේ. උදාහරණයක්ලෙස චන්ඩ මාරුත අවස්ථාවන්හිදි මළ අපද්‍රව්‍ය
(sewage) යුතු වාහන
බෝට්ටු ආදිය කැඩිබිඳීයාමෙන් එකතුවන තෙල් වර්ග ජලයට එකතු වී ජල මූලාශ්‍ර දූෂනය කරනු
ලබයි වෙරළාසන්න ප්‍රදේශ වල තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඇති කරන අවස්ථාවන්හිදි විශාල
පරිමාණයෙන් සමුද්‍ර දූෂනයක් ඇති වේ. න්‍යෂ්ටික බලාගාර හෝ තෙල් ටැංකි වැනි ස්ථාන වල
අනතුරු ඇතිවන අවස්ථාවන් හිදි වඩාත් පුළුල්ව අනතුරු දායක අවස්ථාවන් වලට මුහුණ පෑමට
සිදු විය හැක. ශබ්ද දූෂණය මගින්ද විශාල පරිසර දුෂණයක් ඇති කරනු දක්නට ලැබේ . ඒ
අතරින් ගත් කල මෝටර් වාහාන වලින් නිකුත් කරන ශබ්දය වඩාත්ම පුළුල්ව පැතිරීගිය ශබ්ද
දූෂණයක් සිදු කරයි එමගින් ලොව පුරා නිකුත් කරන අනව්‍ය ශබ්ද 90% ම ඇති කරනු
ලබයි.
ඉහත සඳහන් කළ
ආකාරයට පරිසරය විනාශ කිරීමෙන් තමන් කරන්නේ තමාගේම විනාෂය ළඟා කර ගැනීමක් බව
මිනිසාට වැටහෙන්නට පටන් ගැනුනේ තත්ත්වය ඉතාම උග්‍රතත්ත්වයට පත්වුනාට පසුවය තව
දුරටත් ප්‍රමාද වීමට නුපුළුවන් බව හටගෙන ඇති අනිශ්ට විපාක වලින් ප්‍රකට වන්නට වීම
නිසා ලෝක සම්මේලන තබමින් දැන් සාකච්ඡා පවත්වති නව ප්‍රඥප්තීන් සකස් කරමින් රටරට වල
ව්‍යවස්ථාවලට නව නීති රීති ද ඇතුළත් කරන ලදි ඒ අනුව සකසා ගත් ප්‍රතිපත්ති මාලාවක්
අපට දක්නට ලැබේ.
01 ජාතික පරිසර
ප්‍රතිපත්තිය
02 ජාතික
දියබෙත්ම කළමනා කරන ප්‍රතිපත්තිය
03 වගුරු බිම් ප්‍රතිපත්තිය
04 වැලි පිළිබඳ
ප්‍රතිපත්තිය
05 ස්වභාව ධර්ම
ඉන්වෙන්ටරිය යලි ස්ථාපිත කිරීමේන ප්‍රතිපත්තිය
06 අදාළ අනෙකුත්
ප්‍රතිපත්ති
ලෝකයට පොදු වූ
මෙම ප්‍රතිපත්ති මාලාවට අමතරව ලංකාවට පමණක් පොදු වූ පණත් කිහිපයක් ද ඇත.මෙම පනත්
මධ්‍යම පරිසර අධිකාරය මගින් ඉදිරිපත් කර අති අතර මේවා කඩකරන අයට එරෙහිව නඩු දැමීම්
දඬුවම් ආදිය සිදු කරනු ලබයි.
important
ReplyDelete